සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයකු වන පල්ලෙවත්ත ගමරාලලාගේ
ප්‍රියන්ත සිරිසේන හෙවත් "වැලි රාජු" නමැති අය ලබන 30 වැනිදා තෙක් දින 14
ක් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව මහෙස්‌ත්‍රාත් රුවන් ධම්මික
දිසානායක මහතා නියෝග කළේය.පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වනජීවී කාර්යාලයට පසුගිය 05 වැනිදා කඩාවැදී එහි සේප්පුවක තිබූ ලිපි ලේඛන රැසක් ගිනිතබා විනාශ කිරීම, වනජීවී නිලධාරීන්ට මරණීය තර්ජන කිරීම, වනජීවී නිලධාරීන්ට අයත් යතුරුපැදි දෙකකට අලාභහානි කිරීම හා එම ජල ගැලුම් නිම්නයට ඇතුළුවීම ඔහුට එල්ල වූ චෝදනා වේ.
ගිනි තැබීම් ඇතුළු අනෙකුත් සිද්ධීන් සම්බන්ධව පොළොන්නරුව පොලිසිය සිදුකළ පරීක්‍ෂණවලින් අනතුරුව සැකකරු ඊයේ (16 වැනිදා) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි. පොළොන්නරුව පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.
Blogger Comment
Facebook Comment