Facebook

ක්‍රීරීඩකයින් හමුවීමට ගිය පිරිමි ගණිකාව කවුද?

පිරිමි ගණිකාවක් යැයි පවසමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හෝටල් කාමරවලට ඇතුළු වු පුද්ගලයෙකුට රුපියල් 1000ක දඩයක් හා මසක සිරදඬුවමක් නියම කර තිබේ.

පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් නේවාසිකව රැඳි සිටින කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කාමරයකට අදාළ පුද්ගලයා බලහත්කාරයෙන් ඇතුළු වී ඇත.

21 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා තමන් පිරිමි ගණිකාවක් බව පවසා සේවය සැපයීමට සුදානම් බව ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට පවසා ඇතැයි සඳහන්ය.

ක්‍රීඩකයින් එය ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදි මොහු තවත් කාමරයකට බලහත්කාරයෙන් ඇතුළු වී තම සේවාව සැපයීමට සුදානම් බව පවසා තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයින් විසින් හෝටලයේ ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසු අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ දඩ මුදල හා සිර දඬුවම නියම කර ඇතැයි සඳහන්ය.

පසුගිය සඳුදා මෙය සිදුව ඇතැයි මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

මෙම සිද්ධියෙන් එම ක්‍රීඩකයින්ට ගැටලුවක් සිදුව නැතත් එය බරපතළ සිද්ධියක් බව තරගාවලියේ ආරක්ෂාව භාරව සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු පවසා තිබේ.

ඒ අනුව විදේශීය ක්‍රීඩකයින් නවාතැන්ගෙන සිටින හෝටල් සඳහා විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇත.
Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment