ගුවන්තටුපළ රේගුව පැවසුවේ, ඊයේ රාත්‍රී සහ අද අලුයම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. මොවුන් සතුව තිබී රත්‍රං බිස්කට් 10 ක් සොයාගෙන ඇති අතර එහි බර කිලෝග්‍රෑම් 1 කට ආසන්නයි.
සැකකරුවන් සිය ශරීරවල සූක්ෂමව සඟවා එම රත්‍රං රැගෙන යාමට උත්සහ කර ඇති බව ද ගුවන්තටුපළ රේගුව සඳහන් කළේය.
රත්‍රං තොගය රාජසන්තක කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තටුපළ රේගුව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Blogger Comment
Facebook Comment