Facebook

පාකිස්ථානය පරදවා ශ්‍රී ලංකාවට ලකුණු 209ක ජයක්

පාකිස්ථානය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 209ක විශිෂ්ට ජයක් හිමිවිය. ඒ අනුව තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 1 - 0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ අද සිව්වැනි දිනයයි. අද දිනය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 3ක්දැවී ලබා සිටි ලකුණු ගණන 36කි.

නමුත් ලකුණු 510ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය පාකිස්ථාන කණ්ඩායමට සිය දෙවන ඉණිමට සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 300ක් පමණි. යුනිස් ඛාන් ලකුණු 87ක් ලබා ගැනීමට සමත් විය.

නුවන් කුලසේකර ලකුණු 48කට කඩුලු 3ක් දවාගත් අතර සුරාජ් රන්දිව් ලකුණු 86කට කඩුලු 3ක් දවා ගත්තේය.

තරගයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය ප්‍රථම ඉණිමට සියලු දෙනා දැවී ලකුණු 472ක් ලබා ගැනීමට සමත් විය. එහිදී විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 199ක් ලබා ගත්තේය. ටී.එම්.ඩිල්ෂාන් ලබා ගත් ලකුණු ගණන 101කි. සයිඩ් අජ්මාල් කඩුලු 5ක් දවා ගත්තේය.

එයට පිළිතුරු ලෙස සිය පළමු ඉණිමට පාකිස්ථානයට ලබාගත හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණූ 100ක් පමණි. සුරාජ් රන්දිව් කඩුලු 4ක් දවා ගත්තේය.

ලකුණු 372ක් ඉදිරියෙන් සිටිමින් යළිත් සිය දෙවැනි ඉණිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කට ලකුණු 137ක් ලබා සිටියදී සිය ඉණිම අත්හිටුවීමට තීරණය කළේය.

තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරට හිමිවිය.
Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment