උඩවලව, වලවේ ගම පිහිටා ඇති හිටපු ටෙස්ට් ක්‍රිකට් කීඩක රෝමේෂ් කළුවිතාරණගේ
සංචාරක නිකේතනය නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගියේය.
මෙය පිහිටා ඇත්තේ උඩවලවේ. උඩවලව වන උද්‍යානයට කිලෝමීටර අටක් පමණ දුරින් ඉදිකර තිඛෙන මෙම තානායමේ 30 දෙනෙකුට පමණ එකවර නවාතැන් සැපයීමේ පහසුකම තිබෙනවා.
උඩවලව ජාතික වනෝද්‍යානය බලන්නට එන දෙස් විදෙස් සංචාරකයින්ට නවාතැන් සැපයීමේ අරමුණින් කලුස් හයිඩිවේ එක පටන් අරන් තිබෙන්නේ.
පසුගිය සතියේ උඩවලවේ සෆාරි රිසොට් සංචාරක හෝටලය විවෘත කිරීමට ජනපතිවරයා ගිය අවස්ථාවේ කලූවිතාරණගේ සංචාරක තානායමක්ද ඒ ආසන්නයේ ඇති බව දැනගෙන එය නරඹන්නටත් ගොස් තිබුණා.
කළුස් හයිඩර් වේ (Kalu’s Highder way) යනුවෙන් නම් කර
ඇති එම සංචාරක නිකේතනයට හදිසියේ ගිය ජනාධිපතිතුමා කළුවිතාරණ සමඟ සුහද
පිළිසඳරක යෙදී විශේෂ අමුත්තන්ගේ සමරු පොතේ සටහනක් ද තැබුවේය.
Home
Kalu’s Highder way
Romesh Kaluwitharana
Udawalawa
කලූවිතාරණගේ ‘කළුස් හයිඩර් වේ’ තානායමට ජනාධිපති ගිහින්

Blogger Comment
Facebook Comment