
පාසැලකින් රුපියල් එක් ලක්‍ෂ හැටදාහක් වටිනා පරිගණක 3 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි පරිගණක සොරාගත් එම විද්‍යාලයේම ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු පරිවාස ගත කිරීමටත්, ආදි ශිෂ්‍යයන් දෙදෙනෙකු දින 07 ක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටත් මුත්තූර් මහේස්ත්‍රාත් පායන් රසාක් මහතා එම අධිකරණයේදී නියෝග කළේය.
මෙලෙස නියෝග ලැබුවේ සේරුනුවර සෝමපුර ප්‍රදේශයේ පදිංචි එම ප්‍රදේශයේම විදුහලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15 ත් 16 ත් අතර සිසුන් දෙදෙනෙකු හා එම විද්‍යාලයේම ආදි සිසුන් දෙදෙනකි.
පරිගණක තිබූ කාමරය අලුත් වැඩියා කිරීම සඳහා එම පරිගනක විදුහලේ ගුරු නේවාසිකාගාරයක දමා ඉබි යතුරු වලින් ලොක් කර තිබියදී ඒවා කඩා පරිගණක සොරකම් කොට ඇති අතර සිසුවෙකුගේ නිවස පිටුපස වත්තේ වළක් හාරා සඟවා තිබිය දී සොයාගෙන ඇත.
This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
Blogger Comment
Facebook Comment