Facebook

ප්‍රාදේශීය ලේකම්ගේ කැබ් රියෙන් ගංජා මතුවෙයි

තණමල්විල ප්‍රාදේශීය ලේකම්වරයාට අයත් කැබ්රියේ ගංජා කිලෝ 23 කට වැඩි ප්‍රමාණයක්‌ සඟවා රැගෙන යද්දී හම්බෙගමුව පොලිසිය මගින් එම ගංජා තොගය අඩංගු කැබ් රථය සහ රියෑදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගංජා තොගය මෙසේ රජයේ වාහනයක සඟවාගෙන පැමිණ ඇත්තේ පොලිසිය නොමඟ යෑවීමේ අරමුණෙන් බව පොලිසිය කියයි.

මෙම ගංජා තොගය පිට පළාතකට අලෙවි කිරීම සඳහා මෙසේ ප්‍රවාහනය කර ඇති අතර ඊයේ (14 දා) සවස්‌ වනතුරුත් සැකකරුගෙන් ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය කියයි.

මෙම ගංජා තොගය ප්‍රවාහනය කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තවත් කාගේ හෝ සහාය ලැබුණේදැයි සොයා ගැනීම සඳහා විශේෂ විමර්ශනයක්‌ කරගෙන යන බව ද පොලිසිය කියයි.

මෙම ගංජා ජාවාරම මොහු මීට පෙරත් කරන්නට ඇද්දැයි පොලිසියට සැක පහළ වී ඇත.
Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment