Facebook

සිසුවිය මවක් කොට සැඟවුන සැකකරු අල්ලයි

දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක දූෂණය කොට ගැබිනියක් බවට පත් කිරීමත් ඇ‍යට දරුවෙක් උපන් පසු ඇයව මගහැර රාජාංගන යාය 13 සැගවී සිටි (23)තරුණයෙකු රාජාංගන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිසුවිය හා සැකකරු යන දෙදෙනාම ගාල්ල බද්දේගම පදිංචිකරුවන් වන අතර දරුවා ප්‍රසූත කිරීම පිණිස ඇ‍යව පුත්තලම රෝහලටත් අනතුරුව දරු ප්‍රසූතියෙන් පසු ඇ‍යව ඇගේ මවගේ නිවසට ත් යවා ඔහු රාජාංගනය ප්‍රදේශයට පලා විත් ඇය මගහැර තිබේ.

බද්දේගම පොලිසියට ලැබුන පැමිණිල්ලකට එම පොලිසිය ක්‍රියාත්මක වී නැති අතර රාජාංගන පොලිසියට සිසුවියගේ සොයුරා පැමිණිල්ලක් කොට තිබෙන්නේ ඉන් අනතුරුවය.රාජාංගන පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.
Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment