Facebook

ක්‍රීඩාව අපිරිසිදු කරන්නන්ට ජීවිතාන්තය දක්‌වා තරග තහනම් කළ යුතුයි - මුරලි

ක්‍රීඩාව අපකීර්තියට පත් කරවන ක්‍රියා සිදුකරනු ලබන ඕනෑම පුද්ගලයකුට ජීවිතාන්තය දක්‌වා ක්‍රීඩාව තහනම් කළ යුතු බව හිටපු ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් අවධාරණය කර සිටියි.

ශ්‍රී ලාංකික විනිසුරුවරුන් තිදෙනකුද සමගින් විනිසුරුවන් හය දෙනෙකු මුදලට තරග පාවා දුන් බවට ඉන්දීය මාධ්‍යයක්‌ මගින් සාක්‍ෂි ඇතිව ඔප්පු කරන ලද තොරතුරු අනාවරණයට ප්‍රතිචාර දක්‌වමින් මුරලිදරන් ඉහත අදහස්‌ පළ කර තිබේ.

විදෙස්‌ මාධ්‍යයක්‌ හමුවේ වැඩිදුරටත් අදහස්‌ දක්‌වා ඇති හෙතෙම, ඒ සම්බන්ධයෙන් තමාට ලබා දිය හැකි උපරිම සහයෝගය ජගත් ක්‍රිකට්‌ කවුන්සිලයට ලබාදීමට තමන් සූදානම් බවයි.

ක්‍රීඩාව අපකීර්තියට පත්වන ක්‍රියා සිදු කරන අයට අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුයි. එම දඬුවම ජීවිතාන්තය දක්‌වා ලබාදිය යුතුයි. එය ජාත්‍යන්තරද දේශීයද කියන එක එහිදී වැදගත් නැහැZ යනුවෙන් මුරලිදරන් සඳහන් කර තිබේ.
Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment