ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් එම්.ටී.වී/එම්.බී.සී මාධ්‍ය ආයතනය සඳහා මීට පෙරාතුව නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ස්ථීර අතුරු තහනම් නියෝගයක් ලෙස යළි ප්‍රකාශයට පත් කර ඇත.
කෙසේ වෙතත් අද දින අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේ කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා විසින් මෙම ස්ථිර අතුරු තහනම් නියෝගය පනවන ලද බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අගොස්තු 27 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ ස්ථීර අතුරුතහනම් නියෝගය නියෝගය නිකුත් කර තිබේ.
Blogger Comment
Facebook Comment